ගඟට දැමූ ටිහාරාගේ දුරකථනනය සොයා නාවික, පොලිස් කිමිදුම් කරුවෝ කළු ගඟ පීරති

කළුතර ලැගුම්හලක උඩුමහලින් වැටි මියගිය ටිහාරා නිර්මාණී නම් බාල වයස්කාර සිසුවියගේ ජංගම දුරකථනය සොයා කළු ගඟේ ඊයේ සිදුකළ මෙහෙයුම අසාර්තක වූ බව වාර්තාවේ.

දැනට අත් අඩංගෙවේ පසුවන සිසුවියගේ මිතුරියගේ පෙම්වතා තමා එම ජංගම දුරකථනය කළු ගඟට දැමූ බවට පොලිසියට ලබදුන් ප්‍රකාශයක් මත, නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා ඊයේ දැඩි වෙහෙසක් ගන්න ලදි.

මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා විසින් ඇය සිද්ධියේ ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 කට විකුණා, ඉන් රුපියල් 10,000 ක් ලබාගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ප්‍රධන සැකකරුට අමතරව මියගිය සිසුවියගේ මිතුරිය, ඇගේ පෙම්වතා පොලිස් අත් අඩංගුවේ පසුවේ.

එමෙන්ම ලැඟුම්හලේ පිළිගැනීමේ නිළධාරිණිය ලෙස කටයුතු කළ කාන්තාවද පොලිස් අත් අඩංගුවට පත්ව ඇත . ඒ නිසි ලෙස හැඳුනුම්පත පරික්ෂා නොකිරීමෙන් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමට ආනුබල දීම වෙනුවෙනි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *