කොක්කුතුඩුවායි සමූහ මිනීවළ 1994-1996 කාලයට අයත් බව හෙළිවෙයි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ 1994 – 1996 දක්වා කාලයට අයත්විය හැකි බව ඒ පිළිබඳව සිදුකළ කැනීම් කටයුතුවලට සහභාගීවූ පුරාවිද්‍යා නිලධාරීන් තීරණය කර ඇත. මේ බව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් මඟින් දන්වා ඇතැයි, මුලතිව් දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පවසයි.

2023 ජූනි 29 වැනිදා කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජලනළ එළීමට කාණුවක් කැපීමේ දී එතුළින් මිනිස් අස්ථි කීපයක් හමුවීමත් සමඟ මේ පිළිබඳ අවධානය යොමු විය. මෙම අස්ථි කොටස් හමුවූ ස්ථානය 2023 ජූනි 30 වනදා
මුලතිව් හිටපු මහෙස්ත්‍රාත් ටී සරවනරාජා විසින් පරීක්ෂාවට ලක් කරන ලදුව එම ස්ථානයේ කැණීම් ජූලි 06 වනදා සිට අරඹන ලෙස නියෝග කරනා ලදි.

අතර අතර එය මතභේදාත්මක සේවා හැරයාමක් සිදු කළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටී සරවනරාජා විසින් සිදු කළේය. එහිදී ඔහුගේ නියෝගය වූයේ අස්ථි හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු 2023 ජූලි 06 දින සිට ආරම්භ කරනා ලෙසටයි.

අදාළ ස්ථානය සම්බන්ධව කැණීම් කටයුතු පළමු වතාවට 2023 ජූලි 06 වැනිදා සිදුවිය. ඉන් අනතුරුව මෙම කැණීම් කටයුතු නවතා දැමිණි. සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු දෙවැනි අදියරේදී 2023 සැප්තැම්බර් 06 දින ආරම්භ කළ අතර 2023 සැප්තැම්බර් 15 දින එය නැවත නවතා දැමීය. මේ පිළිබඳ තෙවැනි අදියරේ කැණීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භවු අතර එය 2023 නොවැම්බර් 29 දින අවසන් විය.

මෙම කැණීම්වලදී සමූහ මිනීවළෙන් මිනිස් අස්ථි 40ක් ගොඩගෙන ඇත. ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය යටතේ වැඩිදුර පර්යේෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට ඇත.

මෙම සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිසක් විසින් සිදු කරන ලදි . එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සමූහ මිනීවළ හමුවූ ස්ථානයට නුදුරින් මුලතිව් කොක්කුතුඩුවායි මාර්ගයේ කොටසක්ද කැණීම් කටයුතු වෙනුවෙන් කඩා ඉවත් කළයුතු බවයි. ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබා ගැනීම වෙනුවෙන් සමූහ මිනීවළ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව ඔවුන් පෙන්වා දුන්නේය.

දැනට මෙම මිනීවළ මීටර 14ක් දිගට, මීටර 3ක් පළලට කැණිම් කර ඇතිබවත්, අවම වශයෙන් මීටර් 2ක් පළල, මීටර 3ක් දිග කොටසක් හෑරීමට නියමිත බවත් මෙහිදී පුරාවිද්‍යා කණ්ඩායම පෙන්වා දුන්නේය. තවද මෙහිදී හමුවූ අස්ථි කොටස් විධිමත් සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කරන ආකාරයට තැන්පත් කර නොමැති බවත් එහි අස්ථි කොටස් අවිධිමත් ආකාරයට වළදමා ඇති බවත් නිරීක්ෂණය වන බවට පර්යේෂණ කණ්ඩායම පැවසීය.

මෙම සමූහ මිනීවළෙහි දෙවැනි අදියරෙහි කැණීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17ක පමණ අස්ථි කොටස් ගොඩ ගැනීමක් සිදුකර ඇත. තෙවැනි අදියරයෙහි කැණීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 23ක පමණ අස්ථි කොටස් මතු කර ගැනීමට හැකි වී ඇති බවයි කැණීම් නිලධාරීන් පවසයි.

මෙම මිනීවළින් හමුවූ කොටස් අතර පතුරම්, උණ්ඩ වැනි කොටස්, LTTE සංවිධානයේ සාමාජිකයන් හඳුනා ගැනීමට පළඳින ලදැයි අනුමාන කළ හැකි අංක තහඩු, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයනයිඩ් කරලක්, තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇඳුමකට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද වන බව කැණීම් නිලධාරීන් පවසයි.

මෙම කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින් පුරාවිද්‍යා නිලධාරින් පවසන්නේ කොක්කුතුඩුවායි සමූහ මිනීවළ 1994 – 1996 දක්වා කාලයට අයත් විය හැකි බවයි. මෙම කරුණු සියල්ල ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දී ඇත. මෙම විශේෂඥ කමිටු වාර්තාව මුලදී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමක්ද සිදුවිය.

සමූහ මිනීවළෙහි කැණීම් කටයුතු නැවතත් මාර්තු මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එමඟින් මෙතෙක් හෙළි නොවූ කරුණු රැසක් හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි පුරාවිද්‍යාඥයින්ගේ බලාපොරොත්තු වෙයි..

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!