කේක් තියා පාන්වත් විකිනෙන්නේ නෑ . බේකරි කර්මාන්තය ඉවරයි

අධික නිෂ්පාදන පිරිවැය හේතුවෙන් දේශීය වෙළඳපොලේ කේක් පාන් සහ බනිස් අලෙවිය 50% කින් පමණ පහත වැටී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (ACBOA) පවසයි.

මැගරින් කිලෝව රුපියල් 1000 කින් සහ බටර් කිලෝව රුපියල් 3,000 කින් මිල වැඩිවීම හමුවේ පාන්, බනිස් සහ කේක් වල ආහාරවල නිෂ්පාදන වියදම වැඩිවීම නිසා මෙම අර්බුදය හටගෙන ඇති බව එම සංගමය පවසයි .

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර තොග තවමත් තම සාමාජිකයන් වෙත ලැබී නොමැති බැවින් දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක් රුපියල් 60 ක් ගෙවා මිලදී ගැනිමට සිදුව ඇතිබව එම සංගමයේ සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

එබැවින් එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරියට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල පහත හෙළන අතරම සහන ලබා දෙන ලෙස බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!