කී‍රී සම්බා හිඟය නිමයි. සහල් නැවක් ලඟ එනවා

ලබන 21 වැනි දාට පෙර දැන්ට පවතින හිඟය නිමකිරීම සඳහා කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50000 ක් ආනයනයට කිරීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මාධ්‍යට පැවසීය. එම සහල් තොග මෙම මස තුන් වැනි සතිය වන විට මෙරටට ලැබීමට නියමිත බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වෙයි.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, අද (02) හෝ හෙට (03) කීරි සම්බා සහල් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවත් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!