කහතුඩුව අධිවේග මාර්ග පිවිසුමේදී කාන්තාවක් ඝාතනය කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක් අද පස්වරුවේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

ඇය සිය රැකියාව නිමවී නිවස බලා යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඝාතනය කර ඇතිබව දැනගන්නාට තිබේ. බරපතල තුවාල ලැබූ ඇය වෑතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටියාය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 39 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවකි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!