කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ රැකියා 50,000 ක් අවුරුද්දෙන් පසු අහිමි වෙයි

මේ වන විට ආයෝජන මණ්ඩළය (BOI) යටතේ ක්‍රියාත්මක කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැසක් අප්‍රේල් අලුත් අවුරුද්දෙන් පසු මෙහෙයුම් අඩු කිරීමට හෝ අත්හිටුවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වන නිෂ්පාදකයින්ගේ සංගමයේ (MA) සභාපති ධම්මික ප්‍රනාන්දු ප්‍රකාශ කළේ මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වියදම අනෙක් රටවලට සාපේක්ෂව 25% කින් පමණ ඉහළ ගොස් ඇති බවත්,එම නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වලට ලෝක වෙළඳ පොලේ තරග කාරී නිෂ්පාදන සමග තරඟ කිරිමට අසීරු වී ඇති බවත්ය.

ලංකවේ අර්ථිකය ප්‍රකෘතිමත් වුවද ගෝලීය ආර්ථික ගැටළු නිසා අනවුම් අහිමි වීම සහ
භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම සහ අපනයනකරුවන් ඉලක්ක කර ගනිමින් බදු පැනවීම මෙම තත්ත්වයට බලපා ඇති බවහ ඔහු පවසයි.

මෙම තත්ත්වය අනුව වසරේ මුල් භාගයේදී රැකියා 30,000-50,000ක් පමණ අහිමි වීමට ඉඩ ඇති නමුත්, දෙවන භාගයේදී තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි ඇතැම් ව්‍යාපාරික ප්‍රජාව විශ්වාස කරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *