කන්දකාඩුවෙන් 60 පලායති.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුමක් මධ්‍යයේ එහි රැඳවූවන් 60කට වැඩි පිරිසක් පලාගොස් ඇති බව වාර්තාවේ.

රැඳවූවන් අතර ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 19 දෙනෙකු තුවාල ලබා ඇතිබව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසයි . පලාගිය පුද්ගලයින් සොයා ගැනීමට සහ අත්අඩංගුවට ගැනීමට බලධාරීන් මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!