කඩුගන්නාව රෝහලේ බැම්ම කඩා වැටී අයෙක් මරුට

කඩුගන්නාව, හේනාවල දිසා රෝහලේ බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි . මෙලෙස මියගොස් ඇත්තේ, බැම්ම අලුත්වැඩියා කරිමින් සිටි 32 හැවිරිදි උඩුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර සඳහන් කළේ, පැරණි බැම්මක් අලුත්වැඩියා කිරීමට යාමේදී අද (06) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!