ඖෂධ අධිමාත්‍රාවක් පානය කළ පේරාදෙණියේ ආචාර්යවරයෙකු මරුට…

ඖෂධ අධිමාත්‍රාවක් පානය කිරීම හේතුවෙන් පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අසාධ්‍ය තත්වයේ සිටි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරයෙකු ඊයේ (22) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ, කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා අධ්‍යයන අංශයේ, ආචාර්ය බී. එල්. පීරිස් නැමැති 60 හැවිරිදි පුද්ගලයෙකි. කෘෂිකර්ම පීඨයට අයත් නිල නිවසක පදිංචි වී සිටි ආචාර්යවරයා ඊයේ අලුයම 1ට පමණ අසාධ්‍ය තත්වයෙන් පසුවීම හේතුවෙන් පේරාදෙණි ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම මරණය සම්බන්ධයෙන් පේරාදෙණි පොලීසිය විසින් පරීක්ෂණ සිදු කරනු ලබයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!