එළවළු මාෆියාව පරාජය කරන්න සතියක් එළවළු ගන්න එපා

එළැඹෙන ජනාධිපතිවරණයට සූදානම් වීමට පෙර වෙළෙඳපොළේ එළවළු මිල අනපේක්ෂිත ලෙස ඉහළ යාම පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ගෙන් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් ඉල්ලා සිටී .

දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවල එළවළු මිල එක්වරම ඉහළ ගොස් ඇති බවත්, එම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බැවින් දේශීය වෙළෙඳපොළේ එළවළු අලෙවි කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පැවසීය.

”පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ මිල ගණන්වලට අනුව කැරට් කිලෝග්‍රෑමයක මිල රු. 2,000 කි. රුපියල් 800 ක් වූ අමු මිරිස් කිලෝව රු. 1200 දක්වා ඉහළ ගොස් ඇත, කැකිරි කිලෝවක් රු. 300 ක් ද, වට්ටක්කා කිලෝවක් රු. 300 ද වෙනවා” ඔහු පැවසීය .

දේශීය වෙළෙඳපොළේ එළවළු මිල හදිසියේ ඉහළ යාම සම්බන්ධයෙන් සොයා බලා මිල පාලනයට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් ජාතික පාරිභෝගික පෙරමුණ ඉල්ලා සිටියි .

වැඩි මිලට එළවළු මිලදී ගැනීම නවත්වන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටි අසේල සම්පත් මෙම මාෆියාව බිඳ දැමීමට සතියකටවත් වැඩි මිලට එළවළු ගෙන ඒම නතර කරන ලෙස වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!