එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරනා සුරාබදු ලොක්කෙක්.

මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුට එරෙහිව කඩිනම් විනය පියවරක් ගැනීමට රජය සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙම නිළධාරියා තමා සතු ආයතනික බලය යොදවමින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීමට හැකි බව පවසමින් මත්පැන් නිෂ්පාදන ආයතන වලින් මුදල් ලබාගන්නා බවට පැමිණිළි ලැබී ඇතිබව එම ආරංචිමාර්ග පවසයි.

මෙම චූදිත නිලධාරියා බහුවිධ අල්ලස් ලබාගැනීමේ ක්‍රම අත් හදාබලමින් සිටිනා බව වාර්තාවේ . එක් සමාගමක මෙහෙයුම් වසා දැමීම හෝ බලපත්‍ර අත්හිටුවීමේන් වාසි ලැබෙනා අනෙකුත් සැපයුම්කරුවන්ගෙන්ද අල්ලස් ඉල්ලා සිටින බව කියනු ලැබේ. එසේම, බලපත්‍ර අත්හිටුවීමට මුහුණ දී සිටින සමාගමෙන්, බලපතර අත්හිටුවීම අවලංගු කිරීමටද මුදල් ඉල්ලා සිටිනා බව වාර්තාවේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!