ඊයේ පෙට්‍රල් අඩු කරා. හෙට අනිද්දාට ගැස් අඩුකරනවා – සාගල මැයි දිනයේදී කියයි.

තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරුවට එක්වෙමින් පැවසීය.

එමෙන්ම ඉදිරියේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරය සළකා බලා QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීමටද පියවර ගන්නා බවත්, පවතින ආනයන සීමා ලිහිල් කීරීමට සැළසුම් කරන බවත් ඔහු අවධාරණය කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට 70% ක්ව පැවති උද්ධමනය මේ වන විට 35% ක මට්ටමට පැමිණ ඇති අතර මේ වසර අවසන් වන විට එය තනි ඉලක්කමක් දක්වා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *