ඉස්ලාම් ධර්මයට අපහාස කළායයි ඤාණසාර හිමිට එරෙහි නඩුව විභාගයට දින නියමවේ

කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන මාර්තු මස 11 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (04) නියෝග කළේය .

බොදු බල සේනා සංවිධානය කොළඹ හෝටලයකදී 2014 වසරේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අදාළ ප්‍රකාශය සිදුකර තිබුණා. ඊට අදාළව ඇප මත මුදා හැර ඇති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අද අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වෙයි .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!