ඉන්දීය ආයෝජන හරවා යවූ ජ.වි.පෙ අද ඉන්දියාව සමග සාකච්චා කරනවා

දැඩි ඉන්දීය විරෝධයක සිටි ජනතා විමුක්ති පෙරමුණ අද වන විට ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරන තැනට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. එම පක්ෂයේ ඉන්දීය විරෝධය නිසා රටට ලැබුණු බොහෝ විදෙස් ආයෝජන අහිමිව ගිය බව ඔහු සඳහන් කළේය .

සාම්පූර් බලාගාරයට එරෙහිව උසාවි යාමට කටයුතු කළේ ඔවුන් බවද, මන්නාරම සුළං විදුලි බලාගාර සදා තිබුනේ නම් ගෝඨාභය රජයට විදුලිය කැපීමට සිදු නොවන බවත් ඔහු පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට යාම තුළ ඉදිරියේදී විශාල ආයෝජන ප්‍රමාණයක් ඒමට හැකියාව ඇති බවත් ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට ඒ සඳහා විරුද්ධවීමටද හැකියාවක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!