ඇෆ්ගන්ස්ථානය පරදා ශ්‍රී ලංකාව දෙවෙනි එක් දින තරගයෙන් ජය ලබයි.

පළමු එක් දින තරගයෙන් සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ කද පරාජයේ අවමානය මකා ගනිමින් දෙපිල අතර පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 132 ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 323 ක් ලබා ගන්නා ලදි .

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 52 ක්, සධීර සමරවික්‍රම ලකුණු 44 ක්, පැතුම් නිස්සංක ලකුණු 43 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් හා වනිඳු හසරංග නොදැවී ලකුණු 29 ක් ලබා ගනිමින් දස්කම් පෑවේය .

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆාරිඩ් අහමඩ් හා මොහොමඩ් නබී කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි . හෂ්මාතුල්ලා ෂහිඩි 57. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 3 ක් හා දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව මේ වන විට තරගාවලියේ කණ්ඩායම් දෙකම එක තරගය බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

ලකුණු පුවරුව පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *