අවම මිලට වී මිලදී නොගන්නා මෝල් හිමියන් අසාදු ලේඛණ ගත කෙරේ

රජය විසින් නියම කර ඇති අවම මිලට ගොවීන්ගේ වී තොග මිලදී නොගන්නා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල්කරුවන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා හිමියන් සහ ආයතන අසාදු ලේඛනගත කිරීමට රජය තීරණය කර ඇත .

වී මිලදී ගැනීම සඳහා සහන පොළී අනුපාත යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් හරහා සහල් ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමට රජය කටයුතු යොදා ඇත. මේ පිළිබඳව අදහ්ස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසූවේ ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මේ වසරේ වී සඳහා අවම මිලක් තීරණය කළ බවත්, මේ වන විට වෙළෙන්දෝ ගොවීන්ගෙන් වී මිලදී ගන්නේ රු. කිලෝවක් 70-80 ත් අතර ගණනකට බවත් ය.

වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 9 ක මුදලක් වෙන්කර ඇතිබවද අමාත්‍ය වරයා පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!