අලි සබ්‍රි ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්වෙයි ….

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කරමින් සිටි මෝටර් රථය පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 සැතපුම් කණුව ආසන්නයේදී අනතුරට ලක්වී ඇත.

එම අනතුරෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති බව සාලිය වැව පොලිසිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයා පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් කරමින් සිට ඇති අතර එම මාර්ගය දෙසටම ධාවනය වූ අත්ට්‍රැක්‍ටරයක පිටුපස මන්ත්‍රීවරයාගේ මෝටර් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ, අත්ට්‍රැක්ටරය පදවාගෙන ගිය පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සාලිය වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!