අන්තර්ජාල ව්‍යාපාර සඳහා ලඟදීම අළුත් නීතියක් .

අන්තර්ජාල ව්‍යාපාර ශ්‍රී ලංකාවේ සුලබව සිදුවෙන මුත්, ඒවායේ අක්‍රමිකතා මඩින්නට මෙරට නීති සම්පාදනය වී නොමති බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙම හේතුවෙන් අපහසුතාවයට පත්වන පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය හරහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය .

“ලෝකය පුරා ඔන්ලයින් ව්‍යාපාර වැඩි වෙලා තියනවා. ශ්‍රීලංකාවේ තත්ත්වයත් එහෙමමයි. ඒත් අන්තර්ජාල ව්‍යාපාර පිළිබඳව ලැබෙනා පාරිභෝගිකයින්ගේ පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අපට ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් නීති නෑ . අපි පාරිභෝගික අධිකාරිය හරහා පනතක් කෙටුම්පත් කර එය ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නර බලාපොරොත්තු වෙනවා,” ඔහු පැවසීය. .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!