අනධ්‍යන සේවකයන් වෙනුවෙන් නව සේවක ප්‍රතිපත්තියක්

රජයේ සහ පළාත් පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවලට පොදු ජාතික අධ්‍යාපන අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා වී ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සංවිධානය කළ අධ්‍යාපන අනධ්‍යයන සේවක දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

නව ප්‍රතිපත්තිය සකස් කිරීමේදී, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවක ස්ථාන මාරුවීම්, සේවක වැටුප්, නිවාඩු සහ විනය පරීක්ෂණ ඇතුළු එම ප්‍රතිපත්තිය පදනම් කරගත් රාජ්‍ය සේවා ව්‍යවස්ථාවක් හරහා එය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!