අගමැතිගේ හෙලිකොප්ටරය මාතර තානායමේ වහලය ගලවාගෙන යයි

හිටපු අමාත්‍ය රොනී ද මෙල් ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැම්ණි හෙලිකොප්ටරය ගොඩබෑමේදී මාතර තානායමේ වහලයට හානි සිදුව ඇති බව වාර්තාවේ.

හෙලිකොප්‍ටරය මාතර කොටුව ක්‍රීඩාංගණයට ගොඩබෑමේදී ඇති වූ තද සුළං හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබේ. මේ හේතුවෙන් තානායමේ පාරිභෝගිකයන් වෙනුවෙන් සකස් කර තිබූ අවශ්‍ය ආහාර පාන සැලකිය යුතු ප්‍රමණයක් බැහැර කිරීමට සිදුව ඇති බව එහි ප්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය .

කෙසේ වෙතත්, අභාවප්‍රාප්ත අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට පැමිණි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මගීන්ට කිසිදු හානියක් නොවන පරිදි හෙලිකොප්ටරය ගොඩ බෑමට නියමුවන් සමත්විය.

එම අවස්තාවේ පැවති දැඩි මුහුදු සුළං ප්‍රවාහය නිසා මෙම තත්ත්වය ඇතිවූ බව මාතර තානායමේ කළමනාකාරවරයා පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!