පොලිසියේ ආපනශාලාවේ ලිංගික හිරිහැරයක් ගැන පොලිස්පතිට ලැබුණු තොරතුර

බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාවක් පවත්වාගෙන යනු ලබන පනස් හැවිරිදි කාන්තාවකට ආපනශාලාව තුළදී ලිංගික අතවර කළ බවට පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.