IMF ණය වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳව අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය සඳහන් කළේ මෙම විධායක මණ්ඩල රැස්වීමේදී 2024 වසර සඳහා 4 වන වගන්තිය යටතේ උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව ප්‍රමාණවත් සහ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බවත් ඇය එහිදී පවසා තිබුණා.

ණය වැඩසටහනේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව බාහිර වාණිජ ණයහිමියන් සමග කඩිනමින් එකඟතාවකට පැමිණෙනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවන බවත් ඒ මහත්මිය එහිදී සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!