යුරෝපියානු GT4 තරගාවලියේ දෙවැනි තැන ලාංකිකයෙකුට

ඉතාලියේ මිසානෝ ( Misano ) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු තරගාවලියේ අමෙරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එහි දෙවන තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා ඔහුට විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණත් යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි වුණා.

මෙම යුරෝපියානු GT4 මෝටර් රථ තරගාවලියට සහභාගි වන එකම ආසියානු ධාවකයා ලෙස ඩිලන්ත මාලගමුව හැඳින්විය හැකියි.

මර්සිඩීස් AMG GT4 වර්ගයේ මෝටර් රථයකින් මෙම තරගාවලියේදී ඩිලන්ත තරග කළා.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි මස 28 වනදා ස්පාහිදී පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!