SDB බැංකුව ඉතිරි කිරීම වෙනුවෙන් අනගි තෑගි ලබා දෙන ‘ඉතුරුම් චාරිත්‍රය’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

SDB බැංකුව 2025 වසරේ සිංහල සහ දමිළ නව වසර සමරමින් සිය ප්‍රමුඛතම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන වන ‘ඉතුරුම් චාරිත්‍රය’ ප්‍රවර්ධන වැඩසටහන මේ වසර සඳහාද දියත් කර ඇත. ‘ඉතුරුම් චාරිත්‍රය’ SDB බැංකුවේ හිතවත් ගනුදෙනුකරුවන්ට සහ අලුත් ගනුදෙනුකරුවන්ට ඉතිරි කිරීම වෙනුවෙන් අනගි තෑගි ලබා දෙන අතරම ශ්‍රී ලාංකිකයින්ට හුරුපුරුදු ඉතිරි කිරීමේ සංස්කෘතිය තවදුරටත් පෝෂණය කිරීම ඉලක්ක කරගත් වැඩසටහනකි.

මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන හරහා SDB බැංකුවේ විශේෂ ඉතුරුම් සහතිකවල ආයෝජනය කරන ගනුදෙනුකරුවන් හට හිමි වෙන අනගි තෑගි අතර රුපියල් ලක්ෂයක ඉතුරුම් තැන්පත් සිදු කරන ගනුදෙනුකරුවන් සඳහා ගමන් බෑගයක්, රුපියල් 250,000 ක ඉතුරුම් තැන්පතු සිදු කරන ගනුදෙනුකරුවන් සඳහා ලීටර 1.5 ක රයිස් කුකරයක් විශේෂ වේ. එමෙන්ම සමූපකාර සමිති සඳහා රුපියල් 250,000 ක ඉතුරුම් තැන්පත් වෙනුවෙන් අගනා ගමන් බෑගයක් සහ රුපියල් 500,000 ක ඉතුරුම් තැන්පත් සඳහා (මිලී 500) ස්ටේන්ලස් ස්ටීල් උණුවතුර බෝතලයක්ද හිමිවනු ඇත. මෙම ආකර්ෂණීය ත්‍යාග පිරිනැමීම හරහා SDB බැංකුවට සිය ගනුදෙනුකරුවන් සමඟ සබඳතාවය තව දුරටත් සවිමත් කරගැනීමට හැකි වන අතරම නව ගනුදෙනුකරුවන් සඳහා ඉහළ සේවාවක් ලබා දීමට SDB බැංකුව බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී චිත්‍රාල් ද සිල්වා මහතා මෙසේ පැවසීය, “සම්ප්‍රදාය සහ නව ආරම්භය සනිටුහන් කරන සිංහල දමිළ නව වසර සමරන කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ වැඩසටහනේ මූලික අභිප්‍රායයි. එමෙන්ම SDB බැංකුව වශයෙන් අපි අපේ ගනුදෙනුකරුවන් ඇගයීමට සහ ගෞරවයට ලක් කිරීමට ඇති කැපවීමත් ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ වැඩසටහන හරහා මනාව පෙන්නුම් කෙරෙනවා. එනිසා ‘SDB ඉතුරුම් චාරිත්‍රය’ වැඩසටහන හා එකතු වී මේ නව වසරේ සිට ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රගුණ කර ජීවිතය ජයගන්නට අපි සියළු ශ්‍රී ලාංකිකයින් හට ආරාධනා කරනවා”.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තා ව්‍යවසායිකාවන් ඇතුළු දේශීය ව්‍යවසායකයින් සහ සමූපකාර ආයතන සංවර්ධනය, ග්‍රාමීය ප්‍රජාවන් නංවාලීම පිළිබඳව පැහැදිලි දැක්මක් සහ ඉලක්කයන් ඇතිව ක්‍රියාත්මක වන SDB බැංකුව අඛණ්ඩවම නව්‍ය මූල්‍ය විසඳුම් සැපයීම සඳහා කැප වී සිටී. එවන් තවත් නව්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘ඉතුරුම් චාරිත්‍රය’ වැඩසටහන හරහා SDB බැංකුව සමඟ එක්ව දේශීය ආර්ථිකයට සවියක් වීමට සියළු ශ්‍රී ලාංකිකයින් හට අවස්ථාව උදා වී ඇති අතර SDB බැංකුව සමඟ එක්ව මේ නව වසරේ දී සෞභාග්‍යමත් ඉතුරුම් සංස්කෘතියක් ගොඩනැගීමට සියලු ශ්‍රී ලාංකිකයන් හට ආරාධනා කර සිටි.   

SDB බැංකුව පිළිබඳව:

වසර 27කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් සිදු කර ඇති SDB බැංකුව පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ආරක්ෂිත සහ විශ්වාසනීය බැංකුකරණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කීර්තියක් ලබා ඇත. SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර කොළඹ කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති Fitch Ratings Sri Lanka විසින් ‘BB+(lka)’ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත බැංකුවකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහයෝගය ලබා දීමෙන් සහ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීමෙන් SDB බැංකුව මෙරට තිරසාර සංවර්ධනය සහ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැප වී සිටියි. මීට අමතරව නිපුණතා සංවර්ධන, ව්‍යවසායකත්ව, මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන්වලින් සමන්විත වැඩමුළු ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය සේවාවන්ට වැඩි යමක් ලබා දෙමින් ඉතිරි කිරීම සඳහා දිරිගැන්වීමටත් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් SDB බැංකුව කැප වී සිටියි. සිය මූල්‍ය ක්‍රියාකාරකම්වලදී ව්‍යාපාරික ප්‍රමුඛතාවයන්ට අමතරව තිරසාර එළඹුමකින් කටයුතු කරමින් පාරිසරික, සමාජ සහ පරිපාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම කෙරෙහි ද SDB බැංකුව සැළකිලිමත් වෙයි.