නල ජලය බොනවා නම් ප්‍රවේශමෙන් – පිළිකා ඇතිවීමේ අවදානමක්

අද සිට නල ජලය පානය කරනවා නම් ප්‍රවේශම් වන ලෙසත්, පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

නල ජලය ගෙන යන බටවල පිළිකා අවදානම්කාරකයක් වන ක්‍රෝමියම් නම් සංඝටකය 10 ට වඩා අඩුවෙන් තිබිය යුතු නමුත් පසුගිය සති දෙක ඇතුළත ගෙන්වා ඇති බට වල ක්‍රෝමියම් අගය 14ක් වන බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

ජලයේ තියෙන ක්‍රෝමියම් වැඩි වුනොත් පිළිකා, වකුගඩු රෝග, අඩු බර ළමුන් බිහිකිරීමට හේතුවෙනවා. ඒ නිසා ජලය ගෙන යන බට වල ක්‍රෝමියම් පිළිබද ජල සම්පාදන මණ්ඩලයේ අය ගිහින් පරීක්ෂා කරනවා. ඉන් පසුව ලංකාවට ගෙන්වීමෙන් පසුව පරීක්ෂණාගාරවල පරීක්ෂාකරනවා.

හැබැයි මේ සති දෙක තුළ අලුත් ජාවාරමක් පටන් අරගෙන තියෙනවා. ලංකාවට කන්ටේනර් 27ක් ගෙන්වලා තියෙනවා. මේවායේ මෙට්‍රික් ටොන් 550ක් වන බට ගෙන්වා තියෙනවා. මේවා ලංකාවට ගෙන්වන විට කණ්ඩායමක් ගිහින් පරීක්ෂා කරලා තියෙනවා. ලංකාවට බට ආවට පස්සේ පරීක්ෂා කළාට පසුව ක්‍රෝමියම් ප්‍රමාණය 14ක් වන බව අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ පිළිකා හැදෙන්න පුලුවන් ප්‍රමාණයේ ක්‍රොමියම් තියෙනවා

මේවා ලංකාවට ආවේ කොහොමද? මේක ලංකාවට ආවට පස්සේ අපේ ලැබ් එකේ පරීක්ෂා කළාම 14ක් වුනාම මේක වෝටර් බෝඩ් එකෙන් ප්‍රයිවට් ලැබ් එකකට යවනවා. ප්‍රයිවට් ලැබ් එදකන් පරීක්ෂා කළාම මේක 14ක් තියෙනවා කියලා පේනවා. මේක ප්‍රති අපනයනය කරන්නේ නෑ.

ඊට පස්සේ වෝටර් බෝඩ් එක එස්.එල්. එස්. එකට ප්‍රමිතීන් වෙනස් කරන්න කියලා යවනවා. මේවා කාගේ උවමනාවටද වෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ට පිළිකා හදන්න මේවා කරන්නේ කවුද?

මේක පුනරුදයේ ආණ්ඩුව නම්, ක්ලීන් ශ්‍රී ලංකා නම් ලංකාවට වස කවන්න හදන්නේ.

මේ කන්ටේනර රත්මලානට, අඹතලේට යනවා. ගාල්ලේ තව ටිකක් තියෙනවා. මේ ජලය බොන හැමෝටම කැන්සර් ඇතිවීමේ අවදානමක් තියෙනවා. අද සිට නල ජලය බොනවානම් පරිස්සම් වෙන්න.

පුනරුද ආණ්ඩුව කෝටි ගානකට ජනතාවගේ ජීවිත බිලි දීලා තියෙනවා. වසන්ත සමරසිංහ ඇමැතිතුමනි ඔබලා මේකට එකගද? ජලයට වස දාලා පිළිකා හදන එකට එකගද? මේව කන්ටේනර වහාම ප්‍රති අපනයනය කරන්න

ජල සම්පාදන ඇමැතිතුමි, මේකෙන් කෝටි ගානක්ගත්තේ කවුද? මේ කන්ටේනර් වලින් කවුද කෝටි ගානක් හම්බකරගත්තේ

වසන්ත සමරසිංහ – මේ ගැන විමසා උත්තරයක් දෙන්නම්