Clean sri lanka ගැන අසත්‍ය හඬ පටයක් – නොරැවටෙන්න

Clean sri lanka – 2025 වැඩසටහනට සමගාමීව කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

“ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි’ යනුවෙන් එහි සඳහන් වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් බවයි.

අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.