මේ වන විට බිත්තර මිල දැඩි ලෙස පහළ බැස තිබුනද බිත්තර ආප්ප , බිත්තර රොටි මිල අඩු නොවිම පිලිබදව බොහෝ පිරිසක් දැඩි අප්‍රසාදය පළ කර සිටිති.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ පසු ගිය දිනවල බිත්තරයක මිල රුපියල් 58ත් 60ත් අතර පවතින විටදි බිත්තර ආප්පයක් බිත්තර රොටියක් රුපියල් 130ත් 140ත් දක්වා ඉහළ ගිය බවත්ය.
එහෙත් මේ වන විට බිත්තරයක මිල රුපියල් 30ත් 32ත් දක්වා පහළ බැස තිබුනද බිත්තර ආප්ප හා බිත්තර රොටි මිළ පෙර පරිදිම පවතින බවත් බිත්තර මිළ ඉහළ ගිය විට ක්ෂනික මිල ඉහළ දැමු මෙම ආහාර බිත්තර මිල පහළ ගිය විට එම ආහාර මිල පහළ නොදැමිම දැඩි ගැටළුවක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.