ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර ඇති නවීණ නියමු යාත්‍රාවක් නීති විරෝධීව පරිහරණය කිරීමේදී අනතුරකට ලක්ව රුපියල් කෝටි 25 කට අධික අලාභයක් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පැය හතරකට ආසන්න කාලයක් සාක්‍ෂි සහිත සාර්ථක ප්‍රකාශයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දුන් බව එහි පැමිණළිකරු වන සමාජ ක්‍රියාකාරී සංජය මහවත්ත මහතා ඊයේ (31) පැවසීය.
යාත්‍රාව අනතුරට පත්වන විට ගණක හේමචන්ද්‍ර, නියෝජ්‍ය හාබර්මාස්ටර් කපිතාන් අරන්පත් සහ කේ.බී.එස්. ජයලත් යන පුද්ගලයා යාත්‍රාව පදවාගෙන ගියේ යැයි ද ප්‍රකාශය දුන් බව ද ඒ මහතා කීය.
එම පැමිණිල්ලට අමතරව මෙම අනතුර සහ අලාභය පිළිබඳව තොරතුරු වසම් කිරීමට සම්බන්ධ ඉජිනේරුවන් පිරිසක් පිළිබඳ තොරතුරු ද සී.අයි.ඩී.යට දුන් බව කී මහවත්ත මහතා ජගත් නැමැති ඉංජිනේරුවරයෙක් අඩු පිරිවැයක් යොදා යාත්‍රාව අලුත්වැඩියා කිරීමට සූදානම්ව තිබබූ බව ද සඳහන් කළේය.
ඉංජිනේරු නානායක්කාර සහ එම අනතුර පිළිබඳව පරීක්‍ෂණය කළ කොළඹ වරායේ නියෝජ්‍ය හාබර්මාස්ටර් දක්‍ෂි වසන්ත යන මහත්වරු පිළිබඳව ද තොරතරු සී.අයි.ඩී.යට දුන් බව කී මහවත්ත මහතා වර්තමාන රජය යටතේ ගණක හේමචන්ද්‍ර මහතා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව කතානායකවරයා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයට ගණක හේමචන්ද්‍ර සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මහවත්ත මහතා කීය.
ත්‍රිකුණාමල වාරයේ හිටපු නේවාසික කළමණාකරු වන ගණක හේමචන්ද්‍ර, ජයිකා ආධාර යටතේ ලැබුණු රුපියල් කෝටි 25 ක් පමණ වටිනා යාත්‍රාවක් පුද්ගලික චාරිකාවක් සඳහා යොදාගෙන අනතුරට පත්කළ බවත් එම අනතුරෙන් රජයට රුපියල් කෝටි 25 ක පමණ ආලාභයක් වූ බවත් ඒ මහතා කීය.
එක්තරා කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වසන්කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි යොමුකර කඩාකප්පල්කාරී ක්‍රියාවලියක ද නිතර වූ බව කී මහවත්ත මහතා පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේ තෙරතුරු වසන්කිරීමත් වදරක් වීම නිසා ඔවුන්ට ද දඩුවම් ලැබෙනු ඇති බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කීපදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බවත් තමන් සතුව තිබූ සියලුම තොරතුරු විශාල ලිපිගොනුවක් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවත් ඒ මහතා කීය.
යාත්‍රාව භාවිත කළේ කවුද, එය අනතුරට පත්වන විට එහි පුද්ගලයන් කීදෙනෙක් සිටියේද? වරාය හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ පුත්‍රයා ද එහි සිටි බව ආදි සියලු තොරතුරු භාරදුන් බවත් ඔහු සඳහන් කළේය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර පැමිණිල්ලක් යොමුකර පරීක්‍ෂණයක් කරන ලෙස පොල් ගෙඩියක් ද ගසා ඉල්ලීම් කළ යුතු වුවද මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගැනීම පිළිබඳව වඩාත් සතුටු වන බවත් ජනවාරි මස තමන් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාර්තු මාසයේ ප්‍රකාශයක් ද දෙන විමර්ශනයක් කරන තත්වයට පත්ව ඇති බවත් ඒ මහතා කීය.