මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයින්ගේ අරගලයට සමගාමීව දෙවිදුහල් අතර පැවැත්වෙන සුහද විවාදය ඇරඹේ

මහින්ද රිච්මන්ඩ් ආරවන්තයින්ගේ අරගලයට සමගාමීව දෙවිදුහල් අතර පැවැත්වෙන සුහද විවාදය මේ වන විට මහින්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී පැවැත්වෙන අතර ඉංග්‍රීසි විවාදය, රිච්මන්ඩ් විද්‍යාලයේ සහභාගීත්වයක් නොමැතිව මහින්ද විද්‍යාලයේ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වේ.

මෙම සුහද විවාදයේ ඉංග්‍රීසි විවාද කණ්ඩායම තෝරා ගැනීමේදී ලකුණු ලබාදීමේ ක්‍රමවේදය පිළිබද අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණි. ඒ අනුව විවාද කණ්ඩායම සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් නොකරන ලෙසට වන වාරණ නියෝගයක් ඉල්ලා තිබුණේය.

සුහද විවාදය පැවැත්වෙන දිනය වන විටත් අධිකරණ ක්‍රියාමාර්ග අවසන්වී නොතිබුණ නිසා රිච්මන්ඩ් විද්‍යාලයීය ඉංග්‍රීසි විවාද කණ්ඩායමට අදාල විවාදයට සහභාගීවීමට නොහැකි විය.

මේ නිසා මහින්ද විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීිසි විවාද කණ්ඩායම සහ කණිෂ්ඨ විවාද කණ්ඩායම එක්ව සුහද විවාදය පැවැත්වූවේය.

ඉංග්‍රිසි සුහද විවාදය අවසන්විමෙන් පසුව පාසල් දෙකේ ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම් දෙකේ සහභාගීත්වයෙන් සිංහල විවාදය පැවැත්වීමට නියමිතය.

මහින්ද රිච්මන්ඩ් සුහද විවාදයේ සජීවී විකාශය පහතින් නැරඹිය හැකිය.