ජනපති රනිල් කරන දේ ගැන සජිත් වතු කම්කරුවන්ට කියපු කතාව

ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කර පසුව නුවර එළියට පැමිණෙන්නේ ලැයිම් කාමරවලට සීමාවූ වතු කම්කරු ජනතාව සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

වතු කම්කරු ජනතාවගේ වැටුප රු 1000, 1500, 2000 ලෙස ලබාදෙන බවට ඡන්ද කාලවලදී පමණක් විවිධ බොරු පොරොන්දු දෙන බවත් ලැයිම් කාමවරවල ජීවත් වී තම කම්කරු ජීවිතය ගත කරන මේ ජනතාවට සහ තරුණ ප්‍රජාවට වගා ඉඩමක අයිතිය ලබා දී ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

ඊට අමතරව ගොවියාට අවශ්‍ය පොහොර රු. 5000ට ලබා දෙන බවත් එය යෝජනා කරන විට රු 4000 කට දෙන බව බලයේ සිටින ජනාධිපතිවරයා තමා කියන දේ කිය කියා යන බවත් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට බොහෝ සිහින ඇති බවත් අනුර කුමාරගේ පෞද්ගලික ලේකම්ව සිටීම, රටේ සම්පත් විහි සහ තමත් පරාජය කිරීම ඒ අතර ප්‍රමුඛ බවත් සඳහන් කරනවා.

වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති වතු ජනතාව දහඩිය කඳුළු වගුරා රටේ ආර්ථිකයට දුන් දායකත්වය සහයෝගය අමතක කළ නොහැකි බවත් ඒ ශක්තිය අගය කර ස්තූති කර ගෞරව කරනවා සේම රටේ පුරවැසියන් ලෙස සමාන අයුරින් පිළිගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දී ඉඩමක නිවසක අයිතිය ලබා දී තහවුරු කර ලයිම් කාමර වෙනුවට උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරන හෙතෙම පවසනවා.

පෙරපාසල් ක්ෂේත්‍රයේ සිට අධ්‍යාපන පද්ධතිය දියුණු කර සුහුරු කරන බවත් නව ජාතික පාසල් කිහිපයක්ම ආරම්භ කර සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාගේම අධ්‍යාපනයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයන් දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.