ගායන ශිල්පි අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පානදුර උපන් අනිල් භාරතී මොරටුව ප්‍රින්ස් ඔෆ් වෙල්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය.
ිඅනිල් භාරතීගේ පියා වෘත්තියෙන් නීතීඥයෙකි. අනිල් භාරතීගේ වැඩිමහල් සහෝදරයා වන නිහාල් භාරතී වසර 50ක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ අයෙකි.
1960 දශකයේ අග භාගයේදී සන්ඩේ ඔබ්සවර් පුවත්පත මගින් සංවිධානය කළ ඔබ්සර්වර් ටැලන්ට් සර්ච් තරගාවලියෙන් ජයග්‍රහණය කරමින් සංගීත ක්ෂේත්‍රයට පැමිණියේය. ඉන් පසුව ඔහු සිය මිතුරන් සමග එක්ව රේන්ජ්ස් නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය.
එහි ප්‍රධාන ගායන ශිල්පියාද විය. ඉන් පසුව ක්ලැරන්ස් විජේවර්ධනගේ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම සමග එක්විය. එහි නිත්‍ය ගායන ශිල්පියා වූ අනිල් භාරතී ගැයූ අද වෙයි ඉරු දින ගීතය එක රැයින් ජනප්‍රිය වඩිය.
වසර හතරක් පමණ ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු සංගීත කණ්ඩායම විසුරවා හැරීමෙන් පසුව ස්වාධීන ගායකයෙක් ලෙස ඉදිරියට පැමිණියේය.
මා ආදරෙයි නංගියේ මා ආදරෙයි…, සදයි තරුයි…., මල් මල් හැගුමින් පිරි.., වැනි ගීත බොහෝ ජනප්‍රිය විය.
නත්තල් ගීත 40ක් පමණ අනිල් භාරතී ගායනා කර ඇත.