වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති.
වාහන නිෂ්පාදකයන් සාමාන්‍යයෙන් නිෂ්පාදිත වර්ෂය සඳහන් කළත් නිශ්චිත නිෂ්පාදිත දිනයක් ප්‍රකාශයට පත් නොකරන පසුබිමක නිකුත් කළ ගැසට් නිවේදනයේ මග පෙන්වීම්වලට අනුකූල වන ලෙසින් වාහන ගෙන්වීමේදී ප්‍රායෝගික ගැටලු නිර්මාණය විය හැකි බැවින් මෙම ගැසට් නිවේදනය හැකි ඉක්මණින් සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්