රිෂි සුනක් පරාජය පිළිගනියි

එක්සත් රාජධානියේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතිනවා.

මේ වන විට ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව රිෂි සුනක් පිළිගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා.

මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව Keir Starmer බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිතයි.

කම්කරු පක්ෂය බ්‍රිතාන්‍යයේ බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්.

ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් Starmer පැවසුවේ “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙනි.

තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!