වී මිලදී ගැනීම් කටයුතු සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේ ක්‍රියාදාමය වෙනුවෙන් හමුදාව මැදිහත්වී සිටී.
ඒ අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට හමුදාව කටයුතු කරමින් සිටී.
එමෙන්මල අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්ල වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්ල ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකර ඇත.
දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී