බස්නාහිර පළාතට පමණක් අඩුවන ත්‍රීවීල් ගාස්තුව

ජුලි 15 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රීවීල් ගාස්තුව අඩුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරයට පැවති රුපියල් සීයක ගාස්තුව එලෙසම පවතින අතර ,දෙවන කිලෝමීටරයේ පැවති රුපියල් සීයක ගාස්තුව රුපියල් දහයකින් අඩු කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 90ක්.