ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවාගේ අලුත්ම තත්ත්වය

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ සැත්කමින් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තා වනවා.

එසේම මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසුවන බවත් සඳහන් වනවා.

මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ක්ලබ් වසන්තගේ ඝාතනය සිදුකළ ඝාතකයින් පලාගිය වෑන් රථයේ හිමිකරුවන් සම්බන්ධයෙන්  මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් එම වෑන් රථය හිමිකරුවන් කිහිපදෙනෙකු විසින් ලියාපදිංචි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයාබලමින් සිටින බව පොලීසිය සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!