වික්ටර් අයිවන් සමුගනී

රාවය පුවත්පතේ හිටපු කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත තිබෙනවා.

රාවය පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වන වික්ටර් අයිවන් 1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලේ ප්‍රමුඛ පෙලේ සාමාජිකයෙක් විය. පොඩි අතුල යන අන්වර්ථ නාමයෙන් හැදින්වූ වික්ටර් අයිවන් පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවලින් ඈත් විය.

මාධ්‍යවේදියෙක් වශයෙන් රාවය සගරාවත්, පසුව රාවය පුවත්පතත් ආරම්භ කළ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා දායකත්වය දැක්වූ පුරෝගාමියෙකි.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පිහිටුවීමට දායකත්වය දැක්වූ ඔහු ආණ්ඩුවේ කිසිදු තනතුරක් ලබාගත්තේ නැත. පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමග මතවාදී වශයෙන් විවේචනයක යෙදුණ ඔහු අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශාල කාර්යයක් ඉටු කළේය.

අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව කටයුතු කරමින් ලංකා පුවත්පත් ඉතිහාසයේ පළමු වතාවට රාවය පුවත්පතේ මුල් පිටුව කළු පැහැයෙන් මුද්‍රණය කළේය. ඒ අගවිනිසුරු සරත් එන්. සිල්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ඉදිරියේ අගවිනිසුරුධූරයේ දිවුරුම් දුන් ඡායාරූපයක් ඔලුව පහළට සිටින සේ පළ කරමිනි.

ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ඔහුගේ ග්‍රන්ථ අතර පහත දැක්වෙන කෘති වෙයි.

  • අද ගොවිතැනේ අභියෝගය 1979 [
  • 71 කැරැල්ල 1979
  • අර්බුදයේ ගමන් මග 1988 – (සිංහල සහ ඉංග්‍රීසි)
  • දෙමළ අභියෝගය 1989 
  • ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම 1993
  • සාම ගිවිසුමේ සිට දෝෂාභියෝගය දක්වා 1993
  • චෙස් මූලධර්ම හා තාක්ෂනය 1994 
  • ප්‍රචණ්ඩත්වය, අවිහිංසාව හා විප්ලවය 1999
  • නිදහස, ජාතික ඒකාග්‍රතාව හා දේශපාලනයේ පවුල් පොරය 1999
  • නොනිමි අරගලය 2003 – (සිංහල සහ ඉංග්‍රීසි)
  • කදුළු සලන පාරාදීසය 2006 – (සිංහල සහ ඉංග්‍රීසි)
  • 2006 – පන්සලේ විප්ලවය 2006
  • චෞර රැජින 2006 – (සිංහල සහ ඉංග්‍රීසි) [
  • චෞර රාජ්‍යය 2010 
  • ප්‍රභාකරන් පරාජය කිරීම 2010
  • මට පෙනෙන හැටි 2010 
  • දේශපාලනයේ පවුල හා කුලය 2011 
  • ලංකාව ගලවා ගැනීම 2011 
  • දෙමළ අභියෝගය 2012
  • අවසානය කුමක්ද? 2012 
  • ජීවිතයේ ප්‍රබෝධය, මරණයේ අසිරිය 2013
  • අර්බුදයේ අන්දරය, 1815 – යටත් විජිත යුගයේ සිට 2009 – ඊලාම් යුද්ධයේ අවසානය දක්වා