2013 වසරේ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් 45 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද(17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 4 දෙනෙකුට මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.
එවකට සිටි අගවිනිසුරුවරයා විසින් ගම්පහ මහාධිකරණ විනිසුරු නිශාන්ත හපුආරච්චි ඇතුලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නඩු කටයුත්ත විභාග කිරීම සදහා පත් කරනු ලැබුවා.