නාමයෝජනා දීමට පිටත් වීමට පෙර සජබ බල කණුවක් රනිල් සොයා එයි

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ්හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිතුමාට ලබාදෙන බව පැවසුවා.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරයෙක් වන වේලු කුමාර් මහතා 2015 වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියා .

2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.