ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් හිටපු ජනාධිපතිවරු එළියට විසිවේ

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධාන පිවිසුම අසල ප්‍රදර්ශනය කර තිබූ හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

සියලුම විධායක ජනාධිපතිවරුන්ගේ ඡායාරූප එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණත් එම ඡායාරූප ඉවත් කිරීමට කටයුතු කර ඇත. එහි මේ වන විට ප්‍රදර්ශනය කරමින් සිටින්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඡායාරූපය පමණි.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූපත් ඉවත් කරගැනීමට කටයතු කරනු ඇතැයිද ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.