පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී මහරගම ප්රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් නිතිවිරෝධිව එකලස් කරවන ලදැයි සැකකෙරන ජීප් රථයක් සොයාගෙන තිබෙනවා.
ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, චැසියක්, ටයර් හතරක් සහ පැරණි එන්ජිමක් විටින් විට ගෙනත් දුන් බවයි වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු සඳහන් කර ඇත්තේ.
ජීප් රථය මේවන විට විමර්ශන සඳහා කැස්බෑව පොලීසියට ලබා දී තිබෙනවා.