ආනයනික ලොකු ලූනු බද්ද අඩු කරයි

දේශීය ගොවියා ආරක්ෂා කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ඇතිවන පරිදි කෙටිකාලීන පියවරක් වශයෙන් ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑම් එකක් සඳහා වන රුපියල් 30ක වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 31 දින දක්වා මෙම බදු අඩු කිරීම ක්‍රියාත්මකයි.