නීති විරෝධී ලෙස මෙරටට බෝට්ටුවකින් ඇතුළුවීමෙන් පසුව ගුවන් හමුදා කදවුරක රදවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්වය සොයා බැලීම සදහා, එම සරණාගතයින් රදවා සිටින ස්ථානයට පිවිසීමට අවස්ථාව ලබා නොදෙන බවට ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිඛිතව පැමිණිලි කර තිබේ.
මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙක් ඇතුළු නිලධාරීන් පිරිසක් මුලතිව් ගුවන් හමුදා කදවුරේ රදවා සිටින මෙම සරණාගතයින්ගේ තත්වය නිරීක්ෂණය කිරීම සදහා එම ස්ථානයට පැමිණීමට උත්සාහ ගෙන ඇත. ඒ අවස්ථාවේදී සරණාගතයින් සිටි ස්ථානය වෙත ප්රවේශවීමට අවස්ථාව ලබා නොදුන් බවට ජනාධිතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.
මෙසේ පැමිණි සරණාගතයින් 115 දෙනාගෙන් බහුතරය ළමුන් බවද ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. ශ්රී ලංකා මානව හිමිකම් කොමිසන් සභා පනත අනුව ලංකාවේ රදවා සිටින පුරවැසියන්ට පමණක් නොව ඕනෑම අයෙක්ට ප්රවේශ වීම සදහා අවස්ථාව හිමිවේ. එම නිසා ගුවන් හමුදා කදවුරට ප්රවේශවීමට සහ රදවා සිටින ළමුන් ඇතුළු සියලු දෙනාම නිරීක්ෂණය කිරීම සදහා අයිතියක් ඇති බවට මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
මෙම සරණාගතයින් සිටින ගුවන් හමුදා කදවුරට ප්රවේශවීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට අදාල ආයතනවලට නියෝග නිකුත් කරන ලෙසට ශ්රී ලංකා මානව හිමකම් කොමිසම ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.