අධිකරණ ඇමැතිගේ නමට ආචාර්ය දැම්මේ වැරදීමකින් – පාර්ලිමේන්තුවෙන් නිවේදනයක්

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමේදී ආචාර්ය යනුවෙන් සදහන් කර ඇත්තේ අත් වැරදීමකින් බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

එම අතපසුවීම නිවරදි කිරීමට කටයුතු කර තිබෙන බවද පාර්ලිමේනතුව පවසයි.

මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ නම් සදහන් සියලුම මන්ත්‍රීවරුන්ගේ තොරතුරු නැවත පරීක්ෂා කිරීමට ලක් කර යාවත්කාලීන කිරීමට කටයතු කරන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.