පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශවලට අනුකූලව ඒ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමාජය හා සාමයික කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මෙම දැනුම්දීම සිදු කලේ ය.