හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල්දේවී දුම්රියේ සහ කොටුව සිට ත්රීකුණාමලය දක්වා ධාවනය කෙරෙන රාත්රී තැපැල් දුම්රියේ අද (13), හෙට (14) හා අනිද්දා (15) අමතර මැදිරි යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.