ජනපති දියණිය, ජනපති ආර්යාව වෙයි

පාකිස්ථානයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි, තම 31 හැවිරිදි දියණිය වන අසීෆා භූතෝ එරට ජනාධිපති ආර්යාව (First Lady) ලෙස නිල වශයෙන් නම්කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනාධිපති ආර්යාවගේ ගෞරවය හිමිවන්නේ ජනාධිපතිවරයාගේ බිරිඳට වුවත්, අසීෆාව, ජනාධිපති ආර්යාව ලෙස නම් කිරීමටයි ජනාධිපති සර්ධාරි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ජනාධිපති ආර්යාව ට හිමිවන සියලු වරප්‍රසාද අසීෆාට බුක්ති විඳිය හැකි යි.

2007 වර්ෂයේ දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින්, අලි සර්දාරිගේ බිරිඳ වන හිටපු අගමැතිනියක ද වූ බෙනාසීර් භූතෝ ඝාතනයට ලක් වූ අතර, බෙනාසීර් භූතෝගේ මරණයෙන් පසු සර්දාරි නැවත විවාහ වූයේ නැහැ.

කෙසේ වෙතත් සර්දාරි පළමු වරට පාකිස්තානු ජනාධිපති බවට පත්ව කටයුතු කළ 2008 සිට 2013 දක්වා කාල සීමාවේ ජනාධිපති ආර්යාවගේ තනතුර පුරප්පාඩුව පැවතුණත්, සර්ධාරි බලයට පත් වූ මෙම අවස්ථාවේ දී අසීෆා ව ඒ සඳහා නම් කර තිබෙනවා.

ඒ අනුව පාකිස්ථාන දේශපාලන ඉතිහාසයට මෙය ඓතිහාසික තත්ත්වයක් වන අතර, මීට පෙර එරට කිසිදු ජනපති දියණියක් එරට ආර්යාව ලෙසින් කටයුතු කර නැහැ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!