රටේ ආර්ථික අභියෝග නිසා වැටුප අත්හැරී ජනපති

පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රටේ ආර්ථික අභියෝග නිසා භාණ්ඩාගාරයට තමන් බරක් නොවීම සඳහා ඔහු මෙම පියවර ගෙන තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මේ අතර එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!