පොලිසිය හෝටල් කාමරයක දොර කඩයි – ලේ වැගිරී සිරුරු දෙකක්

පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු දෙකක් හමුව තිබෙනවා.

කාන්තාවකගේ සිරුර කාමරයේ ලේ තැවරී තිබූ බවත් නාන කාමරය තුළ පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන සිටි බවත් පොලිසිය සඳහන් කළා.


මෙම දෙදෙනා කාමරය විවෘත නොකිරීමනිසා ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට කරන ලද දැනුම් දීමකින් පසුව කාමරයෙහි දොර කඩා විවෘත කරන විට කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් නාන කාමරය තුළ පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බවත් දැක ගැනීමට ලැබී තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!