Pension ගන්න අයට හොද ආරංචියක්

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතින් ජනගත කිරීම අද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්නගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදීයි.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් චාමින්ද හෙට්ටිආරච්චි සහ නිලධාරින්ගේ විශේෂ පැසසුමට ලක්විය. ඔවුන් සඳහන් කළේ ඉතා දිගු කාලයක සිට මෙම ව්‍යාපෘති පරීක්ෂණ මට්ටමේ තබාගනිමින් ජනගත කිරීමට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ මුත් ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවයි. නමුත් නව රජයක් යටතේ විශයභාර අමාත්‍යවරයා ලෙස ආචාර්ය ඒ.එච්.එම්.එච්.අබයරත්න මේ වෙනුවෙන් නිරන්තරයෙන් සොයාබලමින් මෙම ඩිජිටල්කරණය කළ පද්ධති ජනගත කර සේවා සැපයීමට මූලික වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහපයක් සමඟ එක්ව, අංශ පහක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කරන ලදී.

මේ අනුව විශ්‍රාමික වොරන්ට් බලපත්‍ර භාවිතයෙන් දුම්රිය ආසන මාර්ගගතව වෙන්කරවා ගැනීමේ පහසුකම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මොබිටෙල් ආයතනය සමඟ ඒකාබද්ධව සපයා ඇති බවද අමාත්‍යාංශය සදහන් කරයි.